/ Feb 16, 2026

උදරයේ වේදනාවට රෝහල්ගත කළ දැරියගේ කුසේ බිළිඳෙක් ; 52 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට

උදරයේ ඇති වූ වේදනාවක් හේතුවෙන් දියතලාව රෝහලට ඇතුළත් කළ 14 හැවිරිදි දැරියක් ගැබ් ගෙන ඇති බව වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

ඊයේ (31) රාත්‍රියේ දී අදාළ දැරිය ඇයගේ දෙමව්පියන් විසින් රෝහල්ගත කර තිබුණු බවයි වාර්තා වන්නේ.

එහිදී වෛද්‍යවරුන් ඇයව පරීක්ෂා කිරීමේ දී ඇය ගැබ් ගෙන ඇති බවට හඳුනාගෙන ඇති අතර අනතුරුව රෝහල් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබුණි.

මෙසේ ගැබ් ගෙන ඇත්තේ හපුතලේ, කැල්බන් වත්ත ප්‍රදේශයේ පදිංචි දැරියකි.

අදාළ දැරියගෙන් රෝහල් පොලිසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත 52 හැවිරිදි පුද්ගලයෙකු හපුතලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද (01) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top