ජාතික ඩෙංගු මර්දන සතියේ පස්වන දිනය වනවිට පාසල් 185ක මදුරු කීටයන් බෝවන ස්ථාන සොයා ගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර පැවසුවේ, එම දිනවල පාසල් 298ක් පරීක්ෂාවට ලක්කර ඇති බවයි.
ජාතික ඩෙංගු මර්දන සතිය යටතේ මදුරුවන් බෝ වන පරිශ්‍ර 3,886 ක් හදුනාගෙන තිබේ.
එහිදී පරිශ්‍ර 100කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇතැයි ද වෛද්‍ය ප්‍රශිලා සමරවීර පැවසුවා ය.