මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය එළඹෙන 23/ 24 දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජීවත්වන මලයහ තමිල් තරුණ තරුණියන් විසින් මෙම සියලු ඡායාරූප ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මලයහ තමිල් ප්‍රජාව මුහුණ දෙන ගැටලු (Issues), ඔවුන් අත්පත්කරගෙන ඇති සංවර්ධනයන්, ජයග්‍රහණ (Development and Achievement) සහ ඔවුන්ගේ දායකත්වයන් (Contributions) යන තේමා ඔස්සේ ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනයේ අරමුණ බවට පත්ව ඇත්තේ එම ප්‍රජාව මුහුණ දෙමින් සිටින ප්‍රශ්න පිළිබඳ සවිඥානික වෙමින් සමාජීය හා දේශපාලනික ප්‍රතිසංස්කරණ උදාකර ගැනීමයි.
ඡායාරූප කතන්දර 25ක් (ඡායාරූප 250ක්) සහ කෙටි වීඩියෝ පට 20ක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් ය.