මාතර බන්ධනාගාරයේ සිටි රැඳවියන් 506 දෙනෙකු සතියක කාලයක් සඳහා අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ.
ඒ, ඊයේ(22) දින මාතර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර එහි දේපොළවලට හානි වීම හේතුවෙනි. ඒවා යථා තත්ත්වයට පත් කරන තුරු හා රැඳවියන්ගේ සම්පූර්ණ ආරක්ෂාව සඳහා මෙලෙස ඔවුන් අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවන බව සඳහන්.
එම රැඳවියන් අද (23) පෙරවරුවේ සිට දැඩි ආරක්ෂාවක් යටතේ අඟුණුකොළපැලැස්සට රැගෙන යාමට කටයුතු කර තිබුණි.
ඊයේ (22) රාත්‍රියේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අතර මේ වනවිට එම තත්ත්වය පාලනය කර තිබේ.
මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙන යෑමට උත්සාහ කිරීමේ දී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බව සඳහන්.
මෙම කලහකාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීවරු තිදෙනෙකු තවදුරටත් මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක ද මේ වන විට මාතර බන්ධනාගාරයේ නිරික්ෂණ චාරිකාවට එක්ව සිටින බවයි වාර්තා වන්නේ.