/ Jun 26, 2025

7 හැවිරිදි දැරියක් රෝහලේ දී මරුට; මරණය ගැන වෛද්‍යවරුන්ට සැකයක්

පස්සර පොලිස් වසමේ උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

අදාළ දැරිය ඊයේ (09) රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයක් බවය.

ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 07ක් වූ උඩගම, පස්සර ප්‍රදේශයේ පදිංචි දැරියකි.

අදාළ දැරිය මියයෑමට පෙර සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇත.

කෙසේවෙතත් දැරියගේ ශරීරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති හෙයින් මෙම මරණය සැකසහිත මරණයක් බවට තීරණය කර තිබේ.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘතශරීරය පස්සර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top