/ Dec 29, 2025

බටහිර ඉවුරේ නව යුදෙව් ජනාවාස 19ක් පිහිටුවීමට ඊශ්‍රායලයේ තීරණයට රටවල් 14කින් විරෝධය!

බටහිර ඉවුරේ නව යුදෙව් ජනාවාස 19ක් පිහිටුවීමට ඊශ්‍රායලය ගෙන ඇති තීරණය රටවල් 14ක් සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

එම පියවර කලාපයේ දිගුකාලීන සාමය සහ ආරක්ෂාව සඳහා වන අපේක්ෂාවන්ට හානි කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

බෙල්ජියම, කැනඩාව , ඩෙන්මාර්කය, ප්‍රංශය , ඉතාලිය , අයිස්ලන්තය ,අයර්ලන්තය , ජපානය , මෝල්ටාව , නෙදර්ලන්තය ,නෝර්වේ , ස්පාඤ්ඤ සහ එක්සත් රාජධානිය යන රටවල එලෙස සිය විරුද්ධත්වය ප්‍රකාශ කරන ලද රටවල් වෙයි.

ඊශ්‍රායලය විසින් ඒකපාර්ශවික ලෙස ගන්නා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන අතර අස්ථාවරත්වය අවුලුවා ලිමේ අවදානමක් ද ඇති කරන බව එම රටවල් පෙන්වා දෙයි.

පලස්තිනුවන්ගේ නිදහසට, ස්වාධීනත්වයට එය විශාල පහරක් බවද උත උක්ත රටවල් කියා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top