/ Jun 21, 2025

ප්‍රසිද්ධ චොක්ලට් සමාගමකට අධිකරණයෙන් නොතේසි

වැටි හා ආදායම් බදු ගෙවීම පැහැර හැරියේ යැයි කියන ප්‍රසිද්ධ චොකලට් සමාගමකට මැයි මස 05 වෙනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කරමින් නියෝග කර තිබේ.

දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් රුපියල් මිලියන 239 ක බදු ගෙවීම පැහැරහැරූ එම චොක්ලට් සමාගම විත්තිකරු කරමින් පැවරූ නඩුව සඳහා කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝග නිකුත් කළ බවයි වාර්තා වන්නේ.

මෙම සමුහයට අයත් තවත් ප්‍රසිද්ධ සමාගමක් රජයට ගෙවිය බදු මුදල් රුපියල් 108, 232, 919ක වැටි බදු හා රුපියල් 24,716,203 ආදායම් බදු නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් ද නඩු දෙක පවරා තිබේ.

දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වග උත්තරකාර ආයතනයට අධිකරණයේ පෙනී සිටින ලෙසට දේශීය ආදායම කොමසාරිස්වරයා දැනුම් දී තිබුණත් ඔවුන් අධිකරණයේ පෙනී සිට නොමැති බවයි.

ඒ අනුව වග උත්තරකාර සමාගමට නොතීසි නිකුත් කරන ලෙස ද ඔවුන් අධිකරයෙන් ඉල්ලා තිබේ.

කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සමාගමට මැයි මස 5 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top