පහලොස් හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් අතරින් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
එමෙන්ම සිද්ධියට සම්බන්ධ එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළු හය දෙනෙකු ලබන 11 වැනි දින තෙක් මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයෙහි පරිවාසගත කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධ සැකකරුවන් හෝමාගම මූලස්ථාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන හෝමාගම මූලක රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.
එහිදී සැකකරුවන් හත් දෙනා අතුරින් තිදෙනෙකු දැරිය දූෂණයට ලක් කිරීම සහ අනෙකුත් සිව් දෙනා සිද්ධියට අනුබල දීම යන චෝදනා යටතේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහි දී හෝමාගම මූලස්ථාන පොලීසිය අධිකරණය වෙත කරුණු දක්වමින් පැවසුවේ ලිංගික අතවරයට පත් දැරිය තවදුරටත් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් නොමැති බවත් ය.
ඒ අනුව කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා බාල වයස්කාර සැකකරුවන් හය දෙනා මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානය වෙතත් 19 හැවිරිදි තරුණයා බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළේය.