ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන සඳහා මීළඟට වැඩිම මනාප ගත් සමන්ත රණසිංහ පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඔහු ලබා ගත් මනාප ගණන 41,763 කි.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව 2025 අප්‍රේල් මස 06 වන දා සිට දහවන පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දෙනු ලැබීය.