/ Jun 17, 2025

ප්‍රතික්ෂේප කළ නාමයෝජනා කිහිපයක් ගැන අධිකරණ නියෝගයක්!

උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාරගන්නා ලෙස අභියාචනාධිකරණය අද (10) අදාළ තේරීම්භාර නිලධාරීන්ට නියම කළේය.

ඒ අනුව ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර 35කට ආසන්න සංඛ්‍යාවක් යළි භාරගන්නා ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.

අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළහ.

පොදුජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු දේශපාලන පක්ෂ විසින් සිය නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top