නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු අද (20) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහු විසින් රැගෙන එන ලද කොකෙන් තොගය කිලෝ 04 ග්‍රෑම් 855ක් වන අතර එහි එහි වටිනාකම රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වන බවද රේගු නිලධාරීන් පවසයි.
සැකකරු විසින් ඒවා කාඩ්බෝඩ් මත අලවා ඒ මත කලු පැහැති කඩදාසිද අලවා කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07ක් තුළ අසුරා පසුව ඒවා ගමන් මල්ලෙහි අසුරා තිබිය දී සොයා ගෙන ඇත.
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ගුවන් මගියා සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.





