/ Jan 23, 2026

මහරගම අපේක්ෂාවේ අවුරුදු උත්සවය; ජයගත් රුවැති අවුරුදු කුමරිය මෙන්න (ඡායාරූප)

අපේක්ෂා රෝහලේ විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරනු ලබන අවුරුදු උත්සවය මෙවරත් අතිඋත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ.

හේනේගම ධම්මාධාර නායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ සුවමංසල කාර්ය මණ්ඩලය සහ අපේක්ෂා රෝහල අවට ගම්වාසින් එක්ව පැවැත්වූ මෙම අවුරුදු උත්සවය සඳහා කලාකරුවන් රැසක් ද සහභාගි වී සිටියහ.

කඹ ඇදීම, අවුරුදු කුමාරි තේරීම, ගම හරහා දිවීම, සංගීත තොප්පිය, බැලුම් පිපිරවීම ඇතුළු අවුරුදු ක්‍රීඩා එහි පැවැත්වුණු අතර මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් රැසක් ද එම තරඟ සඳහා සහභාගී වී තිබුණි.

විශේෂයෙන් අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අවුරුදු කුමරා, කුමරි තරඟය බොහෝදෙනාගේ අවධානයට ලක්විය.

ඊට අමතරව රෝගීන්ගේ ඥාතීන්ට සහ ගම්වාසින්ට ද තරඟ ඉසව් රැසක් සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top