/ Apr 30, 2025

ළඟදීම WhatsApp අක්‍රිය වන iPhone මාදිලි මෙන්න

Apple ජංගම දුරකතන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වෙයි.

එළැඹෙන මැයි මස සිට Apple මාදිලිවල පැරණි ජංගම දුරකතන වන iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකරන බව සඳහන්.

ඒ අනුව iOS 15.1 පෙර පැවැති ජංගම දුරකතන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත්ෙම දුරකතන මාදිලිවල WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top