අද (02) පෙරවරුවේ අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී තිබේ.
අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අහංගම ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවකි.
බෙලිඅත්ත සිට වව්නියාව බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.