/ Jun 09, 2025

නවක වදයට එරෙහි වූ ජ’පුර සරසවි සිසුවෙකුටත් ගුටි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවක වදයට එරෙහි වූ ශිෂ්‍යයෙකු පහර කෑමට ලක්ව තිබේ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් බවයි වාර්තා වන්නේ.

විශ්ව විද්‍යාලය තුළ නවක වදයට එරෙහි වීම හේතු කරගෙන එම විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වෙනි වසර සහ හතරවන වසර ඉගෙනුම ලබන ශිෂ්‍යන් පිරිසක් විසින් මෙම සිසුවාට පහර දී ඇති බව සඳහන්.

අදාළ ශිෂ්‍යයා නවාතැන් ගෙන සිටි බව කියන හෝමාගම, පිටිපන ප්‍රදේශයේ නවාතැන් පොළට පැමිණ ඉකුත් 29 වනදා මෙම පහරදීම සිදුකර තිබේ.

පහර කෑමට ලක් වූ එම ශිෂ්‍යයාව ඔහුගේ මිතුරන් පිරිසක් විසින් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු ඔහු වැලිගම ප්‍රදේශයේ පිහිටි තම නිවසට පිටත්ව ගොස් ඇති අතර, එහිදී ඔහුට යළි ඇති වූ කම්පන තත්ත්වයක් හේතුවෙන් වැලිගම, වලාන රජයේ රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එම ශිෂ්‍යයා මේ වන විට වැලිගම, වලාන රජයේ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top