/ Jan 11, 2026

සබරේ නවක වධකයන්ට අධිකරණයෙන් නියෝගයක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවනි වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබූ සිසුන් 10දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

ඉකුත් අප්‍රේල් 29 වැනිදා සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසා ගැනීම සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ගෙන තිබුණි.

නවක වධය හේතුවෙන් සිත්තැවුලට පත්ව අදාළ සිසුවා සිය දිවි නසා ගෙන ඇති බවට මිතුරන් සහ ඥාතීන් චෝදනා කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top