මහියංගනය පොලිසියට අනියුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් අද (06) පෙරවරුවේ සියදිවි හානි කරගෙන තිබේ.
සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඔහු මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අදාළ පොලිස් නිලධාරියා 57 හැවිරිදි හසලක, වේරගංතොට ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු බව සඳහන්.
ඔහු පෞද්ගලික හේතුවක් නිසා පසුගිය දිනවල සිත්තැවුලෙන් කාලය ගත කර ඇති බව ද වාර්තා වේ.