අද (06) අලුයම දෙමටගොඩ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට නතර කර තිබූ ත්‍රිරෝද රථ 06ක් සහ මෝටර් රථයක් සැක කටයුතු ලෙස හදිසියේම ගිනිගෙන සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ.
දෙමටගොඩ පොලිසිය පවසන්නේ මෙලෙස හදිසියේ ම ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.
මේ අතර මෙම සිදුවීම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික ඇතුළු ආණ්ඩු පක්ෂයේ පිරිසක් අද දහවල් පැමිණ තිබුණි.
එහිදී ගිනිගත් ත්‍රීරෝද රථවල හිමිකරුවන් සමග සාකච්ඡා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එලෙස ගින්නෙන් දැවී විනාශ වී ඇත්තේ, ත්‍රීරෝද රථ ධාවනය සිය ජීවනෝපාය කරගත් පිරිසකගේ බවයි.
ඒ අනුව, ජනාධිපති අරමුදලෙන් මෙම වින්දිතයින්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව ද මන්ත්‍රීවරයා එහි දී පවසා තිබේ.