/ Feb 13, 2026

මන්ත්‍රී හේෂාට සභාපති පුටුවක්

අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹුර ආරච්චි පත්ව තිබේ.

එම කාරක සභාවේ මංගල රැස්වීම අද (06) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.

එහි දී කාරක සභාවේ සභාපතිවරයා ලෙස හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වී. එස්. රාධ ක්‍රිෂ්ණන් විසින් යොජනා කර තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ විසින් එම යෝජනාව ස්ථිර කරනු ලැබීය.

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top