/ Jun 14, 2025

කෙහෙළියගේ නිවසේ සිටි සේවිකාවක් රිමාන්ඩ්!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසක සේවය කළ සේවිකාවක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාරිය ඊයේ (11) දිනයේ අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඇය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සෞඛ්‍යය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව එම කොමිසම විසින් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා නමැති තැනැත්තියකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top