/ Mar 30, 2026

Breaking; බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක දැඩි තීරණයක් ගනී – ලිපියත් භාරදෙයි

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top