/ Mar 30, 2026

Breaking; කළුබෝවිල වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමේ, කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබේ.

අද (15) අලුයම් කාලයේ දී එම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.

සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් ජිවිත හානි හෝ තුවාල කිසිවක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

මුදල් ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන අනුව පොලිසිය සැක පළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top