/ Jun 20, 2025

Breaking; කෙහෙළිය පවුලේ තවත් තිදෙනෙකුට මාංචු

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සෙසු දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අද (19) පෙරවරුවේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

මුදල් විශුද්ධිකරණ චෝදනාවක් යටතේ සිදු කෙරෙන විමර්ශන වලට අදාළවයි මොවුන් ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊයේ (18) දිනයේ දී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දෙවැනි දියණිය ද අත්අඩංගුවට ගැනුණි.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප හිමිවුණ ද ඇප කොන්දේසි සම්පූර්ණ කරලීමට නොහැකි වීම මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top