හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයයි.
නිවේදනයක් නිකුත්කරමින් එම කොමිසම පවසා සිටියේ ඔවුන් මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බවයි.
රු.134,097,731.39 (රුපියල් දහතුන් කෝටි හතලිස් ලක්ෂ අනූහත්දහස් හත්සිය තිස්එකයි ශත තිස් නවයක) වටිනාකමින් යුක්ත වත්කම්, රු. 40,000,000 (රුපියල් මිලියන හතලිහක) වටිනාකමින් යුක්ත මහල් නිවාස සහ රු. 20,500,000 (රුපියල් ලක්ෂ දෙසිය පහක) වටිනාකමින් යුත් බෙන්ස් වර්ගයේ මෝටර් රථයකට අදාළව අල්ලස් කොමිසම මෙහිදී විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.
එම විමර්ශනයට අදාළව මේ වනවිටත් ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ආයෝජන සැලසුම් 40කට ආසන්න ප්‍රමාණයක් අත්හිටුවා ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.