/ Jun 20, 2025

උසාවියට ගෙන ආ කෙහෙළියගේ දියණියන් දෙදෙනාට සහ බෑණාට දුන් නියෝගය

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනෙකු සහ ඔහුගේ බෑනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග විසින් මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් පනස්දාසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියම කර ඇත්තේ.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව මෙම පිරිස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top