රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහැර ඇත.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇය ඊයේ ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබුණි.
කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇය ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.