සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණු අතර ප්‍රහාරකයා IS සටන්කාමීන් සමඟ සම්බන්ධතා ඇති අයෙකු බවට එරට ආරක්ෂක අංශ වෙත තොරතුරු අනාවරණය වී ඇත.