/ Jun 25, 2025

ස්වාධීන කණ්ඩායම් නාවලපිටියේ බලය අල්ලයි

නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම අද (25) උදෑසන මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී. කේ. චමිලා අතපත්තුගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේ දී පැවැත්විණි.

එහි දී නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය සහ උප සභාපති ධුරය ස්වාධීන කණ්ඩායම් වෙත හිමි වීම විශේෂත්වයකි.

ඒ අනුව, නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 02 යටතේ සභාවට තේරී පත් වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර තේරී පත්විය.

ඒ, ඡන්ද 09 ක් ලබා ගනිමිනි.

එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ කරුපප්නන් සුරේෂ්වරන් මහතා ඡන්ද 09 ක් ලබා ගනිමින් තේරී පත් විය.

සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තිලක් අමරිසිරි සිරිසේන සහ උප සභාපතිවරයා වශයෙන් හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතර, ඔවුන් දෙදෙනාම පැවති විවෘත ඡන්දයෙන් ලබාගත්තේ ඡන්ද 05 බැගින් පමණයි.

එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබීය.

ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 5ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 මන්ත්‍රී ධුර 02ක්, සමගි ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර 2ක්, එක්සත් ජාතික සන්ධානයෙන් එක් මන්ත්‍රී ධුරයක් වශයෙන් නාවලපිටිය නගර සභාව සභිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top