/ Jul 02, 2025

ඉහළ ගිය ඉන්ධන මිල බස් ගාස්තු සංශෝධනයටත් හරස් වන ලකුණු

ඉන්ධන මිල සංශෝධනයත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළ තීරණය කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ජාතික ගමනා ගමන කොමිසම රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණක් ගැනීමට නියමිත බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ජුලි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණ ද ඉන්ධන මිල සංශෝධනයත් සමග එය අද (01) දිනයේ ක්‍රියාත්මක නොවන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top