හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අලුත්කඩේ අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියමකර ඇත්තේ.
2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.
එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.