හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ 28 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ පිහිටි කයිකාවල පාලම අසළින් එම මාර්ගය තාවකාලිකව වසාදමා තිබේ.
මහනුවර දිසාපති ඉන්දික උඩවත්ත පැවසුවේ, එම පාලම හරහා වාහන ධාවනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.
මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් අතරතුර වූ හදිසි ආපද තත්ත්වයක් හේතුවෙනුයි මෙම පියවර ගත් බව සඳහන්.
ඒ, අනුව විනෝද සංචාර සහ වෙනත් අවශ්‍යතා සඳහා මීමුරේ වෙත නැවත දැනුම්දෙන තුරු පැමිණීමෙන් වළකින ලෙස ඔහු ඉල්ලා සිටී.