ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග නියෝග කළේ රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් මත සැකකරු මුදා හරින ලෙසයි.
තවද සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.