භාතිය හස්තියාගේ දළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමට තීරණය කර තිබේ.
වෙඩි ප්‍රහාරයකට ලක්ව දින ගණනාවක් පුරා ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියා ඊයේ (15) උදෑසන 08.55ට පමණ මියගොස් තිබුණි.
මහව – පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළක වැටී සිටියදීයි භාතිය සොයා ගැනුණු අතර වනජීවී නිලධරීන්, හමුදාව සහ ගම්වැසියන් එක්ව ඔහුගේ දිවි බේරාගැනීමට දිවා රෑ නොතකා දින 11ක් පුරා ප්‍රතිකාර සිදු කළහ.
පෙරේදා පස්වරුව වන විට භාතිය වැතිරී සිටි ඇළය වෙනස් කිරීමට පශු වෛද්‍යවරුන් පියවර ගත්තේ සත්ත්වයාගේ යම් සෞඛ්‍ය මට්ටමේ යහපත් බවක් නිරීක්ෂණය වීම හේතුවෙන්.
නමුත් භාතිය හස්තියා ඊයේ පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වූ අතර සත්ත්වයාගේ සිරුර මනා ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක භූමදානය කිරීමට අනතුරුව පියවර ගැනුණි.
එම සද්දන්තයාගේ හිස කඳින් වෙන් කර ආරක්ෂිත ස්ථානයක වළ දමා පසුව ඇත් දළ වෙන් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදීමටත් අධිකරණය නියෝග කළේය.
හස්තියාගේ මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ පේරාදෙණිය පශු වෛද්‍ය රෝහලෙන් සිදු කෙරුණි.