/ Feb 13, 2026

හම්බන්තොට කුරුළු උයනේ හිමිකරුත් පොලිස් දැලේ!

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දින ගණනක් පොලිසිය මගගරිමින් සිටි අදාළ සැකකරු ඊයේ (16) මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අද (17) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 52 ක පුද්ගලයෙක් බවයි.

නීති විරෝධී ලෙස මෙරට ගෙන් වූ අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස නීතිවිරෝධීව ගෙන්වා තිබූ අධි ධාරිතාවකින් යුත් යතුරු පැදි 21ක් හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී පොලිසිය විසින් පසුගිය සතියේ සොයාගනු ලැබීය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උද්‍යානයේ කළමණාකරුවෙක් සහ ගබඩා භාරකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top