/ Apr 20, 2025

දෙවුන්දර දේවාලය අසල වෙඩි වරුසාවක්: 2ක් මරුට!

MIDDENIYA GUN MAN ARRESTED

ගන්දර පොලිස් වසමේ දෙවුන්දර දෙවිනුවර දෙවොල දකුණු වාහල්කඩ අසලදී ඊයේ (21) රාත්‍රී දෙදෙනෙකු වෙඩි තබා මරා දමා තිබේ.

නාඳුනන තුවක්කුකරුවන් වෑන් රථයකින් පැමිණ මෙලෙස වෙඩි තබා ඇති බව සඳහන්. මේ සඳහා ටී56 වර්ගයේ ගිනි අවි සහ පිස්තෝල යොදාගෙන ඇති බව පැවසේ.

මිය ගිය තරුණයන් දෙදෙනා උපන්දින සාදයකට සහභාගි වී ආපසු එමින් සිටියදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව හෙළිව තිබේ.

අපරාධය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන ඒවරි වර්ගයේ වෑන් රථය ගිනි තබා තිබිය දී සොයාගත් බවද වාර්තා වේ.

මෙම ඝාතන සිදුවීම පිටුපස සංවිධානාත්මක අපරාධ කල්ලි ගැටුම් ඇති බව සැක පළ වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top