/ Jun 09, 2025

කොළඹ කොටස් වෙළඳපොළෙන් ඉතිහාසගත වාර්තාවක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟාවීමට අද (03) දිනයේ දී සමත්ව තිබේ.

අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39 ක් ලෙසින් සටහන් වූ අතර මෙය මීට පෙර ඉහළම අගය වූ, 2025 පෙබරවාරි 18 දින වාර්තා වුණු ඒකක 17,193.8 වාර්තාව බිඳහෙළීමක් බව සඳහන්.

ඒ අනුව, අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50 ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළේය.

එසේම අද දිනය තුළ්ළ රු. බිලියන 7.37 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.

මෙලෙස සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට බැංකු සහා මූල්‍ය සමාගම්වල කොටස් මිල ඉහළ යාම් විශාල වශයෙන් හේතුවුණු බව සඳහන් ය.

එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සහ හැටන් නැෂනල් බැංකුව යන සමාගම්වල කොටස් මිල ඉහළ යාමන් බෙහෙවින් දායක වී ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top