දෙහිවල දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අඹුසැමි යුවලක් ඊයේ (04) සවස් කාලයේ දුම්රියේ ගැටී මියගොස් තිබේ.
කොළඹ කොටුව සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී එම යුවල මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක පුද්ගලයෙකු සහ වයස අවුරුදු 59ක කාන්තාවකි.
ඔවුන් බදුලුපිටිය, බදුල්ල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවලක් බව පොලිසිය පවසයි.
දෙහිවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.