/ Apr 30, 2025

සිමෙන්ති කුඩුවලින් “හෙයාර් ඩයි” හැදූ තැනක් වටලයි

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී තිබේ.

එම ස්ථානයේ තිබි රුපියල් මිලියන 28ක පමණ වෙළඳපොළ වටිනාකමින් යුත් ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක තොගයක් සිය භාරයට ගත් බවයි පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ.

වෙළඳපොළේ ඇති ප්‍රසිද්ධ සන්නාම සහිත කල් ඉකුත් වූ හිස කෙස් වර්ණක හා පලුදු වූ හිසකෙස් වර්ණක පැකට් සිමෙන්ති කුඩු සමඟ යන්ත්‍රයකින් කලවම්කර මෙම ව්‍යාජ නිශ්පාදන සකස් කර ඇතැයි විමර්ශන වලදී හෙළි වී ඇත.

ප්‍රසිද්ධ සන්නාම සහිත ඇසුරුම් උපයෝගී කරගෙන ව්‍යාජ ලෙස සකස් කරන ලද හිස කෙස් වර්ණක වෙළඳපොළට නිකුත් කිරීමට මෙම ජාවරම්කරුවන්කරුවන් කටයුතු කර ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top