/ Jun 08, 2025

මහා විනාශයක් ; වාහන 3,000ක් සමග නැවක් හදිසියේ ගිනිගනී

ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගැනීමට ලක්ව තිබේ.

මෙම නෞකාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බවයි විදෙස් මාධ්‍යවන්හි දැක්වෙන්නේ.

නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු ජීවිත ආරක්ෂක බෝට්ටු මගින් ඉන් ඉවත් වී ඇති අතර ඔවුන් උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top