/ May 01, 2025

හෙට ප්‍රදේශ කිහිපයක සුරාසැල් වැසේ

ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (1) දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුරාසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනය කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ මැයි රැළි පැවැත්වෙන ප්‍රදේශවලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්‍ර (රැ.බී. 07/ 08, බුටික් විලා බලපත්‍ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක් ) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවිකිරීමේ බලපත්‍ර ස්ථාන හෙට දිනයේ වසා තැබෙන බවයි.

ඒ අනුව එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන අද (30) වසනු ලැබූ වේලාවේ සිට මැයි 2 වැනිදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top