/ Jun 27, 2025

පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමුවෙයි

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටිය දී දියේ ගිලී අතුරුදහන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබේ.

ඒ, කොළඹ වරාය පොලිසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව දියත් කළ මෙහෙයුමක් අතරතුරදීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අධ්‍යයන කටයුත්තක් සඳහා ඊයේ (26) උදෑසන කාලයේ ස්නෝකල් පැළැඳ මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටිය දී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top