අද (27) උදෑසන පානදුර-රත්නපුර මාර්ගයේ ඉංගිරිය දිසා රෝහල අසලදී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීම නිසා සිදු වුණ අනතුරෙන් පාසල් සිසු-සිසුවියන් ඇතුළු 15 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
මෙම වාහන දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවයි සඳහන් වන්නේ. අනතුරෙන් තුවාල ලැබූවන් අතර සිටින ලොරි රථ සහයකයාගේ සහ පාසල් සිසුන් කිහිපදෙනෙකුගේ තත්වය බරපතළ බව වාර්තා වෙන අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇත.