/ Jun 25, 2025

Breaking: බස් ගාස්තු සංශෝධනයට අනුමැතිය ; ජනතාවට රුපියලක සහනයක්

2.5%කින් බස් ගාස්තුව අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි 2.5%කින් බස් ගාස්තු සංශෝධනය කෙරෙන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට අනුව සෑම වසරකම ජූලි මස 01 වැනිදා සිට බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතු බව සඳහන්.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (25) දහවල් ප්‍රවාහන බලධාරීන් සහ බස් සංගම් අතර පැවැත්වුණු අතර එහිදී ප්‍රවාහන බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ 2%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයකින් බස් ගාස්තු සංශෝධනය සිදුකරන බවයි.

කෙසේවෙතත් ඊට බස් සංගම් සිය විරෝධය පළ කළ බවයි වාර්තා වන්නේ.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, ප්‍රතිශතය අනුව ගත් කළ බස් ගාස්තුව රුපියලකින් හෝ රුපියල් 2කින් අඩුවෙනු ඇති බවයි.

මෙහි ප්‍රතිලාභය මගියාට හෝ බස් සංගම්වලට හිමි නොවන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top