/ Jun 20, 2025

ආන්දෝලනාත්මක සබරගමුව සරසවි සිසුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළි වී ඇත්තේ අදාළ සිසුවා විශාදය රෝගයෙන් පෙළී නොමැති බවයි.

එමෙන්ම සබරගමුව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියේ සිටින ඇතැම් උසස් නිලධාරීන් විශ්වවිද්‍යාලය තුළ ඇති නවකවධ සිදුවීම් පිටතට අනාවරණය වීම වළක්වාලීමට කටයුතු කරන බව ද විමර්ශනවලදී අනාවරණ වී ඇත.

වසරේ මේ දක්වා කාලය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශයට එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 30කට අධික සංඛ්‍යාවක් වාර්තාවී තිබූ අතර ඉන් වැඩිම සංඛ්‍යාවක් සබරගමුවෙන් බවත් එම සංඛ්‍යාව 10කට අධික බවත් පැවසෙයි.

එමෙන්ම නැගෙනහිර හා ඔලුවිල් විශ්වවිද්‍යාලවලින්ද නවකවධ සිද්ධි පිළිබඳව පැමිණිලි ලැබී ඇති බවත් ඒවා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකර නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් විමර්ශන නිලධාරීන් පවසයි.

තව ද අදාළ සිද්ධිවලට චෝදනාලත් සිසුන් වැරදිකරුවන් වුවහොත් වසර 20ක සිරදඬුවමකට ලක්වීමටද සිදුවන බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top