/ Aug 01, 2025

ඉයුම් පිහුම් කලාවේ නව මානයක් සොයා ගිය චරිත්ට ලොකු ඇගයීමක්

ශ්‍රී ලාංකේය සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ නම් ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.

‘Wild Cookbook’ YouTube අවකාශය තුළ ලොව පුරා ඉමහත් ජනාදරයක් හිමිකරගෙන සිටින චරිත් පසුගිය මාර්තු මස 28 වන දින සිය ග්‍රාහකයින් (subscribers) මිලියන 10 පසුකර ගියේය.

ඒ අනුව මිලියන 10ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් ඉක්මවා ගිය පළමු ශ්‍රී ලාංකික නාලිකාවේ හිමිකරුවා බවට ඔහු පත්වෙමින් සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම Diamond Play Button එක හිමිකරගත් පුද්ගලයා වශයෙන් ඉතිහාසගත වෙමිනි.

2020 වසරේ දී කොවිඩ් වසංගතය පැවති කාලය අතරතුර ආරම්භ කරන ලද මෙම යූටියුබ් නාලිකාවේ වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති අතර, එය බිලියන 4කට වැඩි නැරඹුම් ලබාගෙන ඇත.

සිය වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයට පත් වීම ගැන මෙම තරුණ ව්‍යවසායකයා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණි.

2025 දී ෆෝබ්ස් 30 න් පහළ 30!!
මගේ කතාවේ කොටසක් වූ සෑම පුද්ගලයෙකුටම මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මෙම ඇදහිය නොහැකි ගෞරවය සඳහා ෆෝබ්ස් ඔබට ස්තූතියි!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top