/ Jun 20, 2025

ඇප කොන්දේසි සම්පූර්ණ කළ කෙහෙළියගේ දුව මුදාහැරේ

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහැර ඇත.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි ඇය ඊයේ ඇප මත මුදා හරින ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇය ඊයේ පස්වරුවේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top