/ Jun 15, 2025

ඉන්දියාවේ තවත් බිහිසුණු ගුවන් අනතුරක් ; පුද්ගලයින් 07ක් මරු තුරුලට

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටරය ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇත.

ඉන්දීය වේලාවෙන් අද අලුයම 5.20ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට පත්වන අවස්ථාවේ දී යානය තුළ නියමුවා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු සිට තිබේ.

අනතුරින් ඔවුන් සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.

වැඩිහිටියන් පස් දෙනෙකු සහ දරුවෙකු යානයේ ගමන් කර ඇති අතර ඔවුන් උත්තරාකන්ඩි, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවලින් පැමිණි අය බවද වාර්තා වේ.

හෙලිකොප්ටරයේ පැවති තාක්ෂණික දෝශ සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top