1993 වසරේ කම්කරු දින මැයි පෙළපාලියක දී බෝම්බ ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ හිටපු ජනාධිපතිවරයෙකු වන රණසිංහ ප්‍රේමදාසගේ ගුණ සැමරුම් වැඩසටහනක් අද (01) පැවැත්විණි.
ඒ කොළඹ අලුත්කඩේ උසාවිය අසල පිහිටි එතුමන්ගේ පිළිරුව අසල දීය.
මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස එළෙස ඝාතනය වී මේ වන විට වසර 32ක් ගතවන අතර ඒ මහතා සිහි කරමින් අද මෙම සැමරුම් වැඩසටහන පැවැත්වුණි.
ඒ සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, ඔහුගේ මව හේමා ප්‍රේමදාස ඇතුළු පාර්ලිමෙින්තු මන්ත්‍රීවරු සහ සම්භාවනීය අමුත්තන් රැසක් සම්බන්ධ වූහ.
එක්සත් ජාතික පක්ෂය විසින් 1993 වසරේ මැයි මස 01 වැනි දින කොළඹ ආමර්වීදිය පැවැත්වූ මැයි දින පෙළපාලියක දී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස ඇතුළු 23 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.