/ Jul 01, 2025

රන් ගිනි අවි සිද්ධිය ; දුමින්දගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් නියෝගයක්

Duminda Dissanayake to the prison hospital!

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍යවරයකු වන දුමින්ද දිසානායක ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

ඒ, මෙම පෙත්සම අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුව ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු තුළින් මෙම පෙත්සම සම්බන්ධයෙන් විමසීමක් සිදුකිරීම සුදුසු බව තීන්දු කරන බවයි.

ඉදිරිපත් කර ඇති වාර්තා පිරික්සීමේ දී මෙම විමර්ශන ගොනු, මේ වන විට නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර නීතිපතිවරයාගේ අධීක්ෂණයට භාජනය වී තිබෙන බව පෙනී යන බවයි විනිසුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ තුන්වන සැකකරු මේ වන විට මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදා හැර තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔහු විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශය තුළින් ඉදිරිපත් වන සාක්ෂි මොනවාද? යන්න පිළිබඳව මීළඟ දින කරුණු දක්වන ලෙස රජයේ නීතිඥවරයාට නියෝග කළේය.

ඉන් අනතුරුව මෙම පෙත්සම විමසීම සඳහා ජූලි මස 14 වැනිදා කැඳවීමට ද නියම වුණි.

වැල්ලවත්ත හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ තිබී හමු වූ රන් ආලේපිත ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ගිටපු අමාත්‍යවරයා අත්ඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top