මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය වන හේමාලි විජේරත්නට ඇප හිමිව තිබේ.
සැකකාරිය අද (09) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙලෙස ඇප හිමි වූයේ.
ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, සැකකාර දියණියව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙසටයි.
මෙම තැනැත්තිය පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල කර තිබේ.
ඉන් අනතුරුව ඇයව කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර ජූලි 09 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.
කෙසේ වෙතත් මෙම සැකකාර දියණියට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කරන ලද නඩුවක් ද අද දහවල් කැඳවීමට නියමිතයි.


